Thursday, January 10, 2013

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ

ඔය තියන මාතෘකාවෙන් තිබිච්ච අපූරු කතන්දරය මම කියෙව්වෙ සයිබරේ කතා සාගරය වෙච්ච ලාස්ට් රෝ එකෙන්. ඒ කතාවෙන් කියවෙන්නෙ "සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ" කියල තමයි.(ඒ හින්දනෙ ඒ හෙඩිම දාල තියෙන්නෙ නේද?:)

කතාව සැකෙවින් මෙහෙමයි. ඔන්න ගොවියෙක් තමුන්ගෙ එළදෙනගෙන් කිරි ගන්න සෙට්වුනා. ටිකක් කිරි දොවාගෙන යද්දි ඒළෙදන කිරි භාජනේට පයින් ගහනව. ඊට පස්සෙ ගොයිය ඒළදෙනගෙ කකුල බදිනව. ඔය විදියට කකුල් හතර බැන්දත් වලිගෙන් ගහනව. ගොයිය කරන්නෙ ඉනේ තිබුන බෙල්ට් එක ගලවල වලිගෙ උස්සල බාල්කෙක ගැටගහීම.මේ අතරෙ ගොයියෙග මායිය එතැනට එනකොටම මෑන්ගෙ කලිසම පහලට වැටෙනව.

නෝනගෙ ඇහින් සිද්ධිය බැලුවොත් ,..... වලිගෙ උස්සල ගැටගහල ඒ මදිවාට කකුල් හතරත් ගැටගහපු එළදෙනගෙ පිටිපස්සෙන් තමුන්ගෙ මිනිහ ඉන්නව. නිකං නෙවේ කලිසම ගලවගෙන........
දැං සීන්ඒක මුල ඉදලම නොදැක්ක කෙනෙක් මේක තේරුම් ගන්නෙ කොහොමද? කෙනෙකුට වචනයෙන් තේරුම් කරන්න පුළුවන් සිද්ධියක්ද මේක? කතන්දරය විස්තර ඇතුව කියවන්න මෙතනින් ලාස්ට් රෝ එකට යන්න.....

මේ කතාව මට මතක් උනේ මේ වගේ සිද්ධියක් අපිටත් ලඟදි වෙච්ච නිසා. පහුගිය දවස්වල අපේ කාර්යාලයේ මමත් ඉන්න ගිණුම් අංශයේ තිබුනෙ ඉතාම කාර්යබහුල තත්වයක් (මේගැන වෙනම පෝස්ටුවක් එනව). සමහර දවස්වල රෑ වෙනකල් වැඩකරන නිසා ඔය පොඩි පොඩි කෑම බීම ටිකකුත් ආණ්ඩුව ගානෙ ලැබෙනව. ඔන්න දවසක් ඔයවගේ කෑම ගෙනාපු බිලක් ගේන්න අපේ අයිය කෙනෙක් යන්න සූදානම. මේ වෙලාව දවල් 12.30ට විතර ඇති.

"මම ගිහිල්ල අර බිලත් අරගෙන කෑමත් කාල එන්නං" අයිය මෙහෙම කියනකොට අපේ මිස්ලටික ඔබ්ජෙක්ෂන් එකක් දැම්ම මේ විදියට,

"ප්‍රනීත් මහත්තය,... එලියට යන්න ඕන නෑ! අපිත් එක්ක කමු!"

සාමාන්‍යයෙන් අපේ කාර්යාලවල කෙනෙක් බත්එක බැඳගෙන ආවෙ නැති වෙලාවල් වලදි අනිත් උදවිය තමුන්ගෙ කෑම එකෙන් ටික ටික බෙදල පිඟානක් හදනව. (ඒ පිඟාන ඔක්කෝටම වැඩිය රසයි) මෙන්න මේ වැඩේ කරන්නයි අපේ සත්ගුණවත් නෝනල කට්ටිය යෝජනා කලේ. මේ වෙලාවෙ මට කල්පනාවට ආව බොලේ මමත් කෑම ගෙනාවෙ නෑ නේද කියල. දැං ඉතිං දෙන්නෙක් ඉන්න නිසා අර විදියේ කෑම පිඟන් දෙකක් හැදුවොත් අනිත් උදවියට මදි වෙනවනේ. මම ප්‍රනීත්ට යෝජනාකලා මෙහෙම.

"නෑ නෑ අපි දෙන්න යං එලියට. ගිහිල්ල කාල එමු!"

මෙතනදි මගේ මැදිහත් වීම නෝනලට ඇල්ලුවෙ නෑ......

"හා..... උඹල අද හොර ගමනක් යන්න හදන්නෙ. ඒකයි දෙන්නම කෑමත් නොගෙන ඇවිල්ල තියෙන්නෙ" ඒක තමයි අපේ කස්ටියගෙ උපකල්පනය. මේ කතා වලින් මිදිල ඕං අපි කන්න යනව. ටික දුරක් ගියාම අරූ කියනවා,.....

"මල්ලී අරුං කිව්වඑකේ දැං ඉතිං කෙහොමත් එකයි. බාගයක් වත් ගහමුද බං"

මගේ උත්තරෙන් පැය දෙකකට විතර පස්සෙ අපි දෙන්න ඔපීසියට ආව. ආපු ගමන් ඇඟිල්ල ගහල ඕෆ්එක දැම්ම. මොකද මේ වගේ වෙලාවට ඔපීසියෙ ඉන්න එක ඇඟට ගුණ නැති නිසා. යන්න සූදානං වෙද්දි නෝන කෙනෙක් මුනගැහුන,

"ඒකනෙ අපි කිව්වෙ, අපිට බොරු කරන්න හිතුව මදි!"

ඒත් ඇත්තටම ඒ වෙලාවෙ අපි දෙන්නගෙ හිතේ බොන්න කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ අදහස ඇතිවුනේ ගෑනු ටික කෑගැහුව නිසා.කොටින්ම මම ඌත් එක්ක කෑමට යන්න හිතාගෙන හිටියෙත් නෑ. ඌ කෑම ගෙනාවෙ නෑ කියල දන්නෙත් මේ කතාව ඇදිල ආවට පස්සෙයි. ඒත් ඒක කියන්න ගියානං අපිට මොනවගේ ප්‍රතිචාරයක් ලැබේවිද?

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ!

95 comments:

  1. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ! :D

    ReplyDelete
  2. eka aththa raj aiya. Niweradi bawa oppu karanna tharka karanawata wada sadda nokara inna eka hodai. Matath ohoma dewal nam ananthawath wela theyanawa. Eth aththa mokakda kiyala mama danna nisa kata wahagena innawa. Man danagaththama mata athine.

    Denna ekka peya dekak thesse baageda bola gehuwe.

    ReplyDelete
    Replies
    1. පටන් ගන්නෙ බාගයක් ගහනව කියල තමයි.

      Delete
  3. තියනවා නේන්නං ඔහොම ජාතියක්.... ඔව්වා තේරුම් කරන්න හදන එකත් තේරුමක් නැති වැඩක්...

    වේලි වේලි ඉන්න මට හොඳ සිද්ධියක් මතක් වුනා පෝස්ට් එකකට...

    ReplyDelete
  4. ෙද්ශපාළුවා ෙකාෙහාමත් ෙහාරා. උගේ රෙද්ද අස්සේ තියෙන කුණු ගැන කථා කරන උඹේ රෙද්දෙත් ගූනේ බං‍. කාර්යාලවේලවේ දෙකක් දාන වාට වඩා හොද නැද්ද නියම මහත්තුරු වගේ නිවාඩු දාලා කරා නම්. මහජනයාට විතරක් නෙමේ උඹටත මහත්තයෝ අකේ පුරින්න වටිනයා මේ වගේ වැඩ වලට.

    ReplyDelete
    Replies
    1. නිවාඩු දැම්ම කියල සිංහෙලන් කියල තියනව දැක්කෙ නැද්ද?

      Delete
    2. නිවාඩු දැම්මේ බඩු දාලා ඉවර වෙලානේ.එතකොට වැරැද්ද කරලා ඉවරයි නේ. හරිනම් වැඩ තහනම් කරගන්න දෙයක් කොන්ද තියෙන ප්‍රාලේ කෙනෙක් හිටිය නම්.චෝදනාව රාජකාරී වේලාවේ බිමත්ව සිටීම. අපි අනිත් අයව නිර්දය ලෙස විවේචනය කරනවානම් අපි අනිත් අයට ආදර්ශමත්ව හැසිරිය යුතුයි නේද? දැන් කියන්න එපා මේක නොබලා ඉන්න කියලා.මම කියන්නේ මට පෙනෙන දෙය. මොකද නැත්නම් ඔබ කරන්නේත් වැදි බණ දෙසන එකම තමයි. මහ රජා වගේ/

      Delete
    3. ඇත්ත සහෝදරයා. වැරැද්දක් තමයි. නෑ කිව්වෙ නෑනේ. සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාපටිපාටිය තමයි නිවාඩු දාල යනඑක. මෙතනදි සිදුවුනේ ඒවගේ අදහසක් නැතිව එලියට ගිහිල්ල මත්ද්‍රව්‍ය ගැනීම. ඊට පස්සෙ කරන්න තියන එකම දේ තමයි නිවාඩු දාල යනඑක. ඒක කලා.

      අනෙක මහරජා විවේචනය කරනව කියන එකේ තේරුම මම 100%ක් නිවැරදි කරුවෙක් කියනඑක නෙවේ.

      නොබලා ඉන්න කියල කවුද කිව්වෙ? ඕන්න ඔයවගේ සාධාරණ විවේචනයට මේ අඩවියෙ දොර ඇරල තියෙන්නෙ. නෑ කියන්න පුළුවන්ද?

      Delete
    4. මේ වගේ කතාවක් ඇහෙන කොට මට මතක්වෙන්නෙම මේ කතන්දරේ. රාජ් please මේක කියවන්න.

      http://kathandara.blogspot.com/2009/11/blog-post.html

      Delete
    5. මේක ඉස්සර දවසකත් කියෙව්ව කකාගෙ ලින්ක් එකකින්. :-)

      Delete
    6. මේ ඇනෝගේ කටේ මසුරං දාන්න වටිනවා. මූ හෙන අවංකයා වගේ තමා අනිත් උන්ව විවේචනය කරනන් යන්නේ. ඒත් පේනවනේ කොහොමද කෙරුවාව කියලා. මෙයිට කලිනුත් මූ සිල් වගයක් හැදුවා කියලා හොර බිලක් දාලා කරපු කේස් එකක් මූම ලිව්වා රාජ්‍ය සේවයේ තියෙන අකාර්යක්ෂමතාවය කියලා. මුං වගේ උන් තමා රටේ ආණ්ඩු හදන්න හදන්නේ. යූ ඇන්පි එකේ බත් ගොට්ටෙක් විතරයි මූ.

      ඇනෝ පලවෙනි කමෙන්ට් එක දැම්මම සුදනා වෙන්න හදලා ඇනෝගේ දෙවැනි කමෙන්ට් එකෙන් පැහැදිලිවම වැඩේ අල්ලලා දුන්නම නෝන්ඩි නැතිව සේප් වෙන්න හදනවා. මෙන්න මේවට තමා කියන්නේ “දැක්කොත් බුවා-නොදැක්කොත් එබුවා“ කියලා.

      බුදු අම්මෝ මූවද අර මාතලං රිසානගේ අම්මලට ගෙවල් හදන්න සෙට් කරගන්න හැදුවේ. මූ දහයි රිසානගේ අම්මට ගෙවල් නෙවෙයි ළමයි. තව පොඩ්ඩෙන් අපේ 200 කෑලි ටික වතුරේ.

      Delete
    7. පොඩ්ඩක් තාර්කිකව හිතන්නකො. හොරකම් කරන එවුන් ඒ ගැන ලියනව කිව්ව ඇහුවමයි. :-)
      උඹ නං ආණ්ඩුවට කඩේයන හාල්පාරුවෙක් විතරයි බං. ඒකනෙ ආණ්ඩුව විවේචනය කලා කියල ඔච්චර තද වෙන්නෙ.

      අපොයි මම කාටවත් ගෙවල් හදල දෙන්නෙ නෑ. ඉස්සෙල්ල හොයල බලපං මාතලන් එතන කියන්නෙ කවුරු ගැනද කියල. ඒක නෙවේ උඹ 200ද දෙන්නෙ බං?

      Delete
    8. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ

      :D :D :D :D :D :D :D

      Delete
  5. ඒවගේ එව්වා තේරුම් කරලා දෙන්න යනවට වඩා හොඳයි පැත්තකට වෙලා සද්ද නැතුව ඉන්න එක.. නැත්තම් ඔලුව ගලක හරි ගහක හරි ගහගෙන ගහගෙන යන්න හිතෙනවනෙ.

    ReplyDelete
  6. හික්ස්...අර මුල් කතාව නම් එල ඈ.....

    සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ!
    ඒක නම් සහතික ඇත්ත.... ඒ වෙලාවට කට වහගෙන ඉන්නවා ඊට හොදයි.......

    ReplyDelete
    Replies
    1. ඒකනෙ! නෝනලත් ඒක්ක බෑ.

      Delete
  7. කට්ටිය ගැන හොඳට දන්න නෝනලා සෙට් එකක්... හි හි..

    ReplyDelete
  8. හැක .. හැක... හැක....

    ReplyDelete
  9. නොනලාව තේරුම් ගන්න බැ කොහොම කලත්.උඹල බීල අවේ නැත්තන් හිතන්නේ කොට්ටක් පනින්නවත් ගිය කියල.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුළුවන් දෙයක්!

      Delete
  10. අඩේ ඔය වගේම තමා වදින්න ගිය දේවාල ඉහේ කඩා වැටුනහමත් වෙන්නේ. තේරුම් කරන්නත් බෑ, තේරුම් ගන්නෙත් නෑ.

    ReplyDelete
  11. නෝනලා ගැන වර්ණනාවක් ඇහිල ආව බලන්න . ඇත්ත රාජ් සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. නෝනලා ගැන කොච්චර වර්ණනා කලත් හිතට මදි ගිම්හානි! හික්.

      Delete
    2. හප්පේ මෙයා තාම ඉන්නවද ?

      Delete
  12. ඒකනේ. කොච්චර කලත් තේරුම් කරන්න බෑ.

    ReplyDelete
  13. හරියට හසිත මඩවලගේ ඝාතනය වගේ... මට සැක මූම වෙඩි තියාගත්තද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ඒ වගේ... මාතලන් දන්නව ඇතිනේ.......

      Delete
    2. where do you work Raj?

      "මාතලන්January 8, 2013 9:32 AM
      නැතුව ඉතින් ගස් යට ඉන්න උපාධීදාරින්ටත් මාසෙකට කීයක් හරි දෙන්න එපාය. ඇයි ඒ විතරක්ද, පාර්ලිමේන්තුවේ, පලාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ ඉන්න හිඟන්නෝ, ජනාධිපති උපසේනලා, මිහින් ලංකා, එයාර් ලංකා, තෙල් සංස්ථාවේ, රේල්ලුවේ, ගමනා ගමන මන්ඩලේ, විදුලි බල මන්ඩලේ හිඟන්නෝ.... උන්ටත් මාසෙකට කීයක් හරි දෙන්න එපාය.. පින් කමක් කියලා හිතා ගන්ඩ ආයිබෝවන්ඩ... මල පන්නගන්න කාරීයක් නෑ ඕඃ....."

      Delete
  14. මේ විදියෙ කතා අපිට කියවල හිනාවෙන්න පුළුවන් වුනාට ඕකෙ භයානකම තැන ඉතිං ඔය විදියෙ සාක්‍ෂි නිසා මිනිස්සු එල්ලුම්ගස් යෑම. මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටක වුනොත් ඉතිං ඒ මනුස්සයට බුදු සරණයි ! ලෝකෙ කොයි තරම් එහෙම දේවල් වෙලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් අනන්තවත් ඒ වගේ දේවල් ඇති.

      Delete
  15. හරි ෂෝක් කාර්ය බහුල කාලෙ එලියට ගිහින් දෙකක් දාල නිවාඩු දාල යනවා... පහුවදාට ඇවිත් රෑ වෙනකල් වැඩ... කෑම ආණ්ඩුව ගානේ.. !! ඔන්න ඕකනෙ ආණ්ඩුව ලඟදී ගාස්තු වැඩි කලේ ...කෑම දෙන්න යන වියදම පියවා ගන්න. ඒකටත් අණ්ඩුවටම දොස් කීවා නේද ? ෂී ෂී..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ කියන මොහොත වෙද්දි ගිණුම් පියවිලා ඉවරයි. ඒ බිල් ගේන්නයි ගියේ. :)

      Delete
    2. රෙදි නැහැ නේද?

      Delete
  16. Now that we are here, we might as well...
    "දැන් ආපු එකේ ඔන්න ඔහෙ ඕනෙ *කක් කියලා..." සංකල්පයට උදාහරනයක් හැටියම මම මීට පස්සෙ මේක පාවිච්චි කරන්නම්.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් .... හොඳා හෙන්රි අයිය!

      Delete
  17. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ තමා මචන්. ඒ නිසයි අපි කාටවත් තේරුම් කරන්න ට්‍රයි නොකර අපේ වැඩේ හරියට කරන්න ඕනෙ. අර උඩ උදාහරණෙ නම් සිරා.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අපිත් කටවහගෙන හිටියෙ.

      Delete
  18. //ඒත් ඇත්තටම ඒ වෙලාවෙ අපි දෙන්නගෙ හිතේ බොන්න කිසිම අදහසක් තිබුනෙ නෑ. ඒ අදහස ඇතිවුනේ ගෑනු ටික කෑගැහුව නිසා.//

    සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ! :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි විහිළු කරනවද කොහේද!

      Delete
  19. සමහර මිනිස්සු බීමට ඇබ්බැහි වෙන්නේ ගැණු නිසා තමයි. ඒ හැබැයි බූට් කතා. මං දන්න පොරක ගේ අයියා නං බිව්වේ වල්නාශක!

    ReplyDelete
    Replies
    1. වල්නාශක බිව්වොත් බඩුම තමයි.

      Delete
    2. වල් නාශක බොන්නෙ වල් ගතිය නැතිවෙන්න...

      Delete
    3. වල් නාශක බොන්නෙ වල් ගතිය නැතිවෙන්න... ++++++++

      Delete
  20. සමහර දේවල් අපේම ඇස් දෙකෙන් දැක්කත් විස්වාශ කොරන්න අමාරුයි ,අර ලාස්ට් රෝ කතාව වගේ තවත් කතාවක් තිබ්බ නේද ආමි කෑම්ප් එහෙක ඔටුදෙනෙක් ගැන මතක නැහැනේ කොයි බ්ලොගේ ද කියල .

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්තයගෙ අසමි දකිමි සොයමි බ්ලොගේ තිබුනෙ ඒ කතාව.

      Delete
  21. සිරාවට ගෑනු කෑගහනකොට බොන්නම හිතෙනවා :)

    මට මතක් වුනේ ඉන්දියාවේ මෑතක දි වෙච්ච සිද්ධිය. අර ශිෂ්‍යාවක් බස් එකේදිම දූෂණ්‍ය කරපු සීන් එක. ඒ අත්අඩංගුවට ගත්ත උන් ටික කියලා ඒ ශිෂ්‍යාවගෙ පෙම්වතා, සැකකාරයන්ට පහර දීපු නිසාලු දූෂනය කලේ. පෙම්වතා බැගෑපත්වුනා නම් එහෙම වෙන්නෙ නැතිලු.

    ඒ වගෙම තමා සෙට් එකම උබලට බැගෑපත් වුනා නම් උබල බොන්නෙ නැහැනේ.

    පලි- මාතෘකාව දැක්කම හිතුනෙ කකාගෙ බ්ලොග ගැන කියනව කියල. මොකද මට කොච්චර කියෙව්වත් සමහර කතා තේරෙන්නෙ නැහැ ;)

    ජය !

    ReplyDelete
    Replies
    1. මාත් කියෙව්ව ඒ සිද්ධිය. කවුදෝ එකෙක් කියල තිබුන දූෂණය කරන්න ඉඩ දුන්නනං මරණයෙන් බේරෙන්න තිබුන කියල. ඒවගේ ඩයල් ඉන්නව. අර අන්වර්ගෙ ආචාර්යතුමත් එහෙමනේ.

      ටික වෙලාවකට කලින් කකා අපිට තේරෙන මාතෘකාවක් දාල තියනව. බලපං!

      Delete
    2. අහ් ඒ මාතෘකාව නම් දැක්ක :ඩී

      Delete
  22. බැහැයි කියල පටන් ගත්තම කතාවේ අවසානය හැමදාම දිග හැරෙන්නෙ ඔය එකම විදියට!!!!

    මා නම් උත්සාහය අතහරින්නේ නැත ... මා මළ පසු තවත් කෙනෙක් ද උත්සාහය අත්හරිනු නැත ... එදා තේරුම් ගත නොහැකි දේ අද තේරුම් කරන්නට ද අද තේරුම් ගත නොහැකි දේ හෙට තේරුම් කරන්නට ද ඒ නිසා කවුරුන් හට හෝ හැකියාව ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේවගේ දේවල් නං තේරුම්කරන්න යාම හොඳ නැත. :-)

      Delete
  23. සමහර දේවල් කොච්චර තේරුම් කරත් කාටවත් තේරෙන්නෙ නෑ.. සමහර දේවල් දේවල් කොච්චර තේරුම් කරත් අපිට තේරුම් ගන්නත් බෑ..

    ReplyDelete
  24. ඔය තත්වය මටත් උදාවී ඇතී බව සතුටින් දැනුම් දෙමි...

    ReplyDelete
  25. ලංකාප්‍රියත්, තව ඇනොවරු කිහිප දෙනෙකුත් හා කතන්දර වක්‍රවත් මොහුගේ නරිවාදම (hypocrisy) මනාව පෙන්නදී ඇත. හැබයි කිසිවෙක් comment කරුවන්ගේ කුහකත්වය ගැන සදහනක්කර නැත. යතුරුපුවරු පරමර්දරිශීන් වන, තිසර, හිරු, සුදීක, ථෙ Mඔඩෙර්න් ඵට්‍රිඔට්, මාතලන්, ඪ්ඪ්ඨ්, සෑම් හා විෂේශයෙන් අරුණි ශැපිරෝ වැන්නවුන්ගේ comments ලැජ්ජසහගතය. මොහුවිසින් විසින්කරන මහජන බදු-මුදල් නස්තිය ඉහත යතුරුපුවරු පරමර්දරිශීන් හුදෙක් විහිලුවකි. රට හා රට්ටු හැදීමට පෙර තම හැදෙන්න!

    ReplyDelete
    Replies
    1. මේ මහත්තයාගේ ට්‍රාන්ස්ලේටරේ ලෙඩ දෙනවා වගේ.....සුදුසු කාර්මිකයකු ලවා අලුත්වැඩියා කරගන්නේ නම් මැනැවි.... ;)

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. //යතුරුපුවරු පරමර්දරිශීන්//

      නෑ බං හරි වචනේ සුසමාදර්ශීන්, ඇනෝ කෙනෙක්ම තමා කියලා දුන්නේ.

      ඔය සමහර එවුන් ඉන්නවා කොච්චර තේරුම් කරලා දුන්නත් තෙරුම්ගන්නෙ නෑ...

      Delete
    4. "ඔය සමහර එවුන් ඉන්නවා කොච්චර තේරුම් කරලා දුන්නත් තෙරුම්ගන්නෙ නෑ..."

      ඒකනෙ, කකුලුවො අනිත් උන්ට කෙලින් යන්න කියකිය ඇදේටමනෙ යන්නෙ....

      Delete
    5. එතකොට අනික් උන් කෙලින් යනවද?

      උන් ඔක්කොම හරහට යනවා.....

      Delete
    6. //...තිසර, හිරු, සුදීක, ථෙ Mඔඩෙර්න් ඵට්‍රිඔට්, මාතලන්, ඪ්ඪ්ඨ්, සෑම්....//

      කවුද බං මේ "ඪ්ඪ්ඨ්" ? :)

      Delete
    7. "එතකොට අනික් උන් කෙලින් යනවද?

      උන් ඔක්කොම හරහට යනවා....."

      හැබැයි අනිත්වුන් උබලවගේ සුසමාදර්ශී Talk දාන්නෙ නැහැනේ!

      Delete
    8. මොනව උනත් උඹ බයයිනේ උඹේ සුසමාදර්ශී talks අහුවෙයි කියලා ඒකනේ උඹේ මෙව්ව එක බේරගෙන මෙහෙම එන්නේ. ඊට වඩා, තමන්ගේ වැරැද්දක් අනුන්ට විවේචනය කරන්න ඉඩ දීලා තියන එකෙක් එක්ක විහිලුවක් කරගන්න අපි කැමතියි.

      Delete
    9. "මොනව උනත් උඹ බයයිනේ උඹේ සුසමාදර්ශී talks අහුවෙයි කියලා ඒකනේ උඹේ මෙව්ව එක බේරගෙන මෙහෙම එන්නේ."

      අපේ ඔය බොරු කතා නැහැනේ.

      "ඊට වඩා, තමන්ගේ වැරැද්දක් අනුන්ට විවේචනය කරන්න ඉඩ දීලා තියන එකෙක් එක්ක විහිලුවක් කරගන්න අපි කැමතියි "

      අනුන්ට විහිලුවක් වෙන්නෙ නැතුව තමන්ගෙ වරැද්ද හදාගන්න බලපන්!

      Delete
    10. //අපේ ඔය බොරු කතා නැහැනේ.//

      ආ ඇත්තද? උඹම ඇනෝ ඇවිත් ඔහොම කියනවට වඩා ලොකු සුසමාදර්ශයක් තියනවද? බොරු කතා නැත්නම් ඇ‍යි බය? ලියන අදහසට තමන්ගෙ අනන්‍යතාවය දෙන්න බය උඹලත් එක්ක මොන විහිළුද...

      Delete
    11. @ රාජ්,

      // කවුද බං මේ "ඪ්ඪ්ඨ්" ? //

      ඇනෝගෙ ශෛලියට අනුව ඒ කවුද කියල තේරුන් නැත්ද රාජ්. :)

      Delete
  26. ඇත්ත ඇත්ත සම්පුර්ණ ඇත්ත. සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ!

    ReplyDelete
  27. සමහර දෙවල් කොච්චර උත්සාහ කළත් තේරුම් කරන්න බෑ....

    ReplyDelete

  28. මම නම් ලිවුවෙ විහිලුවක්.. අෆොයි .. ඒක ගිය දුර.. අන්න බීල වැඩට ආවා නම් වැරදියි.. මහත්තයා වගේ කණ අස්සන ගහල ගෙදර ගියානෙ.. (ගෙදර ගියාම සබ්බුව හම්බ වෙන්න ඇති.. බීල ආවට !)

    ReplyDelete
    Replies
    1. නිකං නපුංසක කතා කියන්න එපා සරත්, වැරැද්දක් දැක්කම හිතට එන අවංක අදහස මුලින්ම කියලා පස්සේ මිනිස්සු තරහා වෙයි කියලා බයට කියපු දේ සැර බාල කරන එක සරත් වගේ “මහත්මයෙකු“ යැයි අප සිතා සිටින පුද්ගලයාට වටින්නේ නැහැ. ඔබ මුලින් කිව්ව කතාව හරියටම හරි. රාජකාරී වේලාවේ බීමතින් සිටීම මෙතන වෙලා තියෙනවා. අමතක කරන්න එපා පැය දෙකකට පස්සේ මේ දෙන්නා ඇවිල්ලා තියෙන්නේ ඇතුලට. එයින් පැයක් අපි කෑම පැය කියලා අත හැරියත් එක පැයක් අමතරව අරගෙන තියෙන්නේ කාගේ වේලාවෙන්ද? එතකොට එහෙම කාර්ය පැහැර හැරිය පැයට අමතරව ඒ අත හැරෙන වැඩ ආවරණය සඳහා අතීකාල කරනවා මදිවට ආණ්ඩුවේ වියදමෙන් (රාජ්ලා කියන විදියටම කිව්වොත් අපේ වියදමෙන්) කන්න බොන්න රාජ්ට තියෙන අයිතිය මොකක්ද?

      මං දන්න සරත් දක්ෂ පරිපාලකයෙක්. ඔබට මෙතන තියෙන වරදවල් සියල්ලම පැහැදිලිව එක පාරින්ම පේනවා කියලා අමුතුවෙන් කියන්න උවමනා නැහැ. එහෙත් ඔබ වැනි අයත් මේ පතෝල වැඩ කරන්න ගියාම කවුද මේවා හරියට කරන්නේ. දැන් මේ කමෙන්ට් එක දැකලා තව දාහක් ජාති කියන්න උවමනා නැහැ. ඇත්ත කිව්වනං පැත්ත ගියත් ඒ ඇත්තේ පිහිටන්න.

      ඇත්තම කතාව තමා රාජ්ලා කියන්නේත් හොරු. නිකං හොරු නෙවෙයි කම්බ හොරු. පක්ෂග්‍රාහී මිනිස්සු. ආණ්ඩුවක් පෙරලෙනකග් බලං ඉන්නේ තමුන්ගේ ආණ්ඩුවක් හදාගෙන ඒ හරහා උඩට යන්න. අනිත් උන්ගේ බෙලි කපන්න. වැඩ නොකර පඩි ගන්න. කරන්න තියෙන ඔක්කෝම දූෂණ වංචා කරන්න. මේ තමා රාජ්‍ය සේවයේ නියම තත්වය. මේ එකෙක්වත් පවතින ආණ්ඩුවලට විරුද්ධ වෙන්නේ සද්භාවයෙන් නෙවෙයි. තනිකරම ආත්මාර්ථයෙන්. ඒකමයි අද රටට හෙන ගැහිලා තියෙන්නේ. මං අමුතුවෙන් කියන්න දෙයක් නැහැ සරත් දන්නවා රාජ්‍ය සේවයේ හිල් සහ ඒකේ ඉන්න හොරු ගැන. සරත්ලට ලංකාව එපා වෙන්න ඔය කාරණා හේතු උනේ නැද්ද? කරුණාකරලා වරදට එරෙහිව කතා කරන්න. එකෙක් තරහා වෙලා තමන්ගේ බ්ලොග් එක බලන්න එකෙක් අඩු වෙයි කියලා කුම්මැහිකම් නොකර.

      Delete
    2. So disappointed with you Sarath Lankapriya!

      Delete
    3. ආන්ඩුව ගානේ කන්නදෙන්නේ නැහැ. මුං ප්‍රාලේ ගේ සංග්‍රහ දිමනාවේ ඉතිරි ටිකට හොර බිල් දාලා කනවා. මු ඉන්නේ මුදල් අංශයේලු. නමුත් කොමන්ට් දාලා විනාඩි 10 න් රිප්ලේ එනවා. මූ නරිවාදන් කියවනවා විතරයි. ආදර්ශය බිංදුවයි.
      රාජ් මහත්තයෝ බ්ලෝගේ උඩින් ගහන්න “ලිවීමට කාලය හා අන්තර් ජාල සබඳතාවය ශ්‍රී ලංකා මහජනයාගේ බදු මුදලිනි” කියලා.

      Delete
    4. පිස්සුද? විනාඩි 10ක් යන්නෙ නෑ! ඔහොම යං ඔහොම යං.....

      “ලිවීමට කාලය හා අන්තර් ජාල සබඳතාවය ශ්‍රී ලංකා මහජනයාගේ බදු මුදලිනි” එළ! දැන්ම දාගන්නං...

      Delete
    5. මෙව්වට හිනා වෙන්නද අඩන්නද කියලා තමයි මට තේරෙන්නේ නැත්තේ... කොහොම උනත් කියන්න තියෙන්නේ කවුරුත් සාමාන්‍ය මිනිස්සු..කොහොම කොයි විදියට කිව්වත් අවසානෙදි හැමෝගෙම කිල්ලෝටවල හුණු...

      අවුලක් නැහැ අල්ලලා දාමු...

      Delete
  29. අද නං පරක්කු උනා නෙව.. ඇත්ත තමා සමහර දේවල් එහෙම තමා. ඔය ගෑනු උදවිය තමා අපිව බීමට පුරුදු කරන්නේ.. කොහේද යාළුවෙක් විනාඩි 10 කට එන්න කියල එළියට ගියත් “ඇයි මුකුත් පාටියක්ද“ අහනවා. එතකොට ඉතිං රාජ් කරපු දේම තමා කොරන්නේ. හීනෙන් වත් නොහිතපු දේවල්.. අන්තිමට ඉතිං සමහර දේවල් කොච්චර තේරුං කරත් තේරුං ගන්නේ නෑ තමා. නියම උපහැරණයක්..

    ReplyDelete
  30. මේ සටහන බලා ලබන්න පුළුවන් එකම දෙය විනෝදයකි. කියවීමෙන් විනෝද විමට කැමති අය එනු බලනු විනෝද වෙනු මිස රාජ් තුල පරමාදර්ශී රාජ්‍යය සේවකයකු සෙවීම නිරර්ථක වෑයමකි. නැවතත් රාජ්ව විවේචනය කරන අයද පරමාදර්ශී යැයි කිව හැකිද? ඔවුන් ගෙනෙන තර්කය නම් තමන් පරමාදර්ශී නොවී රජය විවේචනය නොකළ යුතුයි යන්නය. මේ තර්කයටම අනුව රාජ් විවේචනය කරන අය මේ අනුව පරමාදර්ශී අය විය යුතුය. ඇනෝනිමස් නිසා ඒ අය කවුදැයි අපි නොදනිමු. අපි කල යුත්තේ පරමාදර්ශී රාජ්‍ය සේවකයා හෝ ආණ්ඩු බිහිකිරීම නොව ආණ්ඩුව කුඩා කිරීම සිමා කිරීම සහ අවම රාජ්‍ය සේවකයින් පිරිසක් ඇති රටක් හැදීමයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝලට සහ ඇඟිල්ල දකින අනෙක් අය ඒ විදියට දැක්කාවේ. ලිපියෙන් විනෝදයක් ලැබුනනම් මදෑ!
      රාජ්‍ය සේවය කුඩා වියයුතුයි කියන මතයේ මාත් ඉන්නව. ඒක කරන්න ක්‍රමයකුත් යෝජනා කලා. මෙන්න http://raj1st.blogspot.com/2011/12/blog-post_07.html

      Delete
  31. හම්මෝ මට වෙලා තියෙන දේවල්... වෙනමම දාන්නම්කෝ ඔය ගැන.

    ReplyDelete
  32. hoho matanam puluwan therum ganna hak hak haka

    ReplyDelete
  33. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ..

    ReplyDelete
  34. අතින් කාල හරක් බලනවා කියන්නේ ඔව්වටයි

    ReplyDelete
  35. රාජ්..................මොකද ඔබ නිහඩ.

    ReplyDelete
  36. ඇනෝ වෙලා මේක ලියන්නේ මට ගිණුමක් නැති නිසා. ඒත් ලොකුවට කතාකරන සුදනෝ . රාජ්ගෙ වරද කෙලින් කියන්න උඹේ ඇත්ත නම පාවිච්චි කරන්න උඹට ගට්ස් නැත්තේ ඇයි මනුස්සයෝ ?

    ReplyDelete
    Replies
    1. උඹට වගේම මටත් ගිණුමක් නැති හින්දනේ මැට්ටෝ. ඕක තේරුම් ගන්න බැරිද? දැන් ඔය ටික කියන්න උඹ ඇනෝ ආවෙත් උඹට ගිණුමක් නැති හින්දනේ. ඇනෝ ඇවිත් උඹ දැන් උඹේ ඇත්ත නම පාවිච්චි කලාද? මමත් එහෙමයි කියලා හිතන්න බැරි ඇයි?

      Delete

    2. ඇනො මලේ අල්ලල දාපල්ල බන් ඔය කතා.

      රාජ්.. බලාපන් ඇනෝලා ගහ ගන්නවා මං බැනුම් අහනවා කුම්මැහි කමට උඹව සුද්ද කරනවා කියලා. ඒත් කෝ මගෙ බ්ලොග් එක පැත්තෙ තාම ආවෙ නෑනෙ මෙච්චර හැමදාම මෙකෙ ලියලත්..

      Delete
    3. සමහර දේවල් කාලයක් යනකොට තේරුම්ගන්න පුළුවන් සරත් අයියේ.

      Delete
  37. සහෝදරයා මොකද මේ ටිකේ පේන්න නැත්තේ.. අවුලක් නෑනේ...

    ReplyDelete
  38. ගෑනු නම් ඔහොමමයි. කියන කිසි දෙයක් තේරුම් ගන්න්‍ර නෑනෙ. මම කීසැරයක් කීදෙනෙක්ට ආදරෙයි කිව්වද. කොහෙද, එකෙක්වත් තේරුම් ගත්තෙ නෑනෙ

    ReplyDelete
  39. me langadith mata meka link karanna una
    mongal kes ehekata...
    munta therennema baha appa kochchara
    kiwwath...
    mata nam wadak naha, moko man hira ganna yanawayi..:D
    apita paanda nadda ban...:lol:
    meka link karala nikan hitiya...:D

    ReplyDelete